Thursday, June 30, 2011


IPv6 හෙවත් Internet Protocol version 6 (IPv6)  යනු Internet Protocol හි නවතම සංස්කරණයයි. දැනට භාවිතා කරන Internet Protocol version 4 (IPv4) තාක්ෂණයේ දැනට පවතින අඩුපාඩු මගහැරීමට මෙම IPv6 තාක්ෂණය සමත්වී සිටින අතර  විශාල ආයතන සංඛ්‍යවක් මෙම IPv6 තාක්ෂණය දියුණු කිරීමට කටයුතු කරම්න් සිටියී. දැනට භාවිතා කරන IPv4 මගින් ලබාදෙන IP ලිපින මේවන විට ප්‍රමාණවත් නොවීම මෙම IPv6 තාක්ෂණය බිහිවීට ප්‍රධාන හේතුව විය. IPv4 IP ලිපින නිර්මාණය වී තිබුණෙ 32 bits වලිනි. . IPv4 භාවිතා කර දළ වශයෙන්  බිලියන 4.3 ක IP ලිපින ( 232ලබා දීමේ හැකියාව පවතී.  IPv6 IP ලිපින නිර්මාණය වී ඇත්තේ 128- bits වලින්ය. එහි ධාරිතාවය 2128 කි.
IPv6 IP ලිපිනයක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. එනම් 64-bit network prefix එකකින් හා  64-bit host address part කිනි. මෙම IP ලිපිනයක් 16 පාදයේ අගයන් වලින් සමන්විත කොටස් 8 ක වෙන් වන අතර සෑම කොටසක්ම “ : ” යන ලකුණෙන් වෙන් වේ.
IPv6 IP ලිපිනයක් :- 2001:0db8:85a3:0000:0000:8a2e:0370:7334

No comments:

Post a Comment